මැතිවරණ පැමිණිලි 3053ක් දක්වා ඉහළට

0
7


පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාවේ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථාන වෙත ලැබී ඇති පැමිණිලි ගණන 3,000 ඉක්මවා තිබෙනවා. මැතිවරණ කොමිෂම පැවසුවේ ඊයේ පස්වරු 04.30න් අවසන් වූ පැය 24 තුළ පැමිණිලි 210ක් ලැබී ඇති බවයි. 

ඒ අනුව ඉකුත් මාර්තු මස 20 වනදා සිට ඊයේ පස්වරු 04.30 දක්වා කාලය තුළ ලැබී ඇති සමස්ථ මැතිවරණ පැමිණිලි ගණන 3,053ක්. 

ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පැමිණිලි 18ක්, නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණිලි 2,831ක් සහ වෙනත් පැමිණිලි 204ක් ඒ අතර වනවා. 

එම සමස්ථ පැමිණිලිවලින් 2,491ක් විසඳීමට පියවර ගෙන ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here