දේශබන්දු පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමට පත් කළ විමර්ශන කමිටුවට පොලීසියෙන් සිව්දෙනෙකු පත් කෙරේ

0
8


පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් ඉවත් කිරීමට අදාළ විමර්ශන කමිටුවේ සහාය සඳහා පොලිස් නිලධාරින් සිව්දෙනෙකු අනියුක්ත කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු නිලධාරින් සිව්දෙනෙකු ඒ සඳහා අනියුක්ත කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ. 

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට අදාළව කරුණු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුව මගින් පත් කළ ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවට සහාය වීම සඳහා පොලිස් විමර්ශන කණ්ඩායමක් පත් කරන ලෙස එම කමිටුව විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම්දීමක් අනුව මෙම පත් කිරීම් සිදුකර තිබෙනවා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here