සිවිල් ආරක්ෂක භටයන් 15,000ක් ගැන ගන්න යන තීරණය

0
10

සිවිල් ආරක්ෂක බලකායේ භටයන් 5,000ක පමණ පිරිසක් වන ජීවී දෙපාර්තමේන්තුව වෙත නිදහස් කිරීමට රජය බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය. 

පොලීසිය වෙත සිවිල් ආරක්ෂක බලකායෙන් භටයන් 10,000ක පමණ පිරිසක් අනුයුක්ත කිරීමට ද බලාපොරොත්තු වන බව ඔහු කියා සිටියේය. 

එමඟින් මහජන ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම අපේක්ෂා කරන බව ද ආනන්ද විජේපාල මහතා කීය. 

තව ද සිවිල් ආරක්ෂක බලකායේ කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පහසුකම්, යටිතල පහසුකම් සංවර්ධනය, පුහුණු වැඩසටහන් සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here