හෝමාගම රේස් ගිය මෝටර් රථ දෙක පොලිස් භාරයට

0
11


හෝමාගම, ගලවිලවත්ත දෙස සිට මාකුඹුර දෙසට හයිලෙවල් මාර්ගයේ තරගකාරී ලෙස ධාවනය කරන ලද මෝටර් රථ දෙකක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

අදාළ මෝටර් රථ දෙක පසුගිය 13 වනදා එලෙස ධාවනය කර ඇති අතර ඊට අදාළ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලා හරහා ද සංසරණය වුණා.

එම විඩියෝ පටය සම්බන්ධයෙන් අවධානය යොමු වීමෙන් අනතුරුව හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් මෝටර් රථ දෙක පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

අදාළ මෝටර් රථ දෙක ධාවනය කළ රියදුරන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගත් බවත් ඔවුන්ට එරෙහිව ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් පොලීසිය වැඩිදුරටත් පැවසුවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here