ඉන්ෆ්ලුවෙන්සා සහ පාචන තත්ත්වයේ වැඩි වීමක්!

0
8


රෂිකා හෙන්නායක

ඉන්ෆ්ලුවෙන්සා සහ පාචන තත්ත්වයේ වැඩි වීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ රෝග ලක්ෂණ ලෙස තද උණ සමඟ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ වමනය වැනි රෝග ලක්ෂණ හැඳින්විය හැකි බවයි. 

එබැවින් එම රෝගී තත්ත්වයන් පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

පාචන රෝගී තත්ත්වයෙන් වැළැකීම සඳහා පිරිසිදු ආහාර සහ පිරිසිදු ජලය භාවිතයට ගන්නා ලෙසයි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here