කටුනායක හීනටියන ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

0
7


කටුනායක හීනටියන ප්‍රදේශයේදී අද අලුයම වෙඩි ප්‍රහාරයක් සිදුව තිබෙනවා. 

එම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට මාරු කර යැවූ බවයි කටුනායක පොලීසිය පැවසුවේ. 

අදාළ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ 29 හැවිරිදි හීනටියන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

නිවස තුළ සිටි එම පුද්ගලයාට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. 

වෙඩි තැබීමට ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කරන්නට ඇති බවද පොලීසිය සැක පළ කරනවා. 

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටුනායක පොලීසිය මගින් ක්‍රියාත්මකයි. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here