සිරි දළඳා වන්දනාවේ 09 වන දිනය අදයි – ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තවමත් පෝලිම්වල

0
7


සිරි දළඳා වන්දනාව අද (26) 09 වන දිනටත් ආරම්භ වුණා.

අද දිනයේ පෙරවරු 11.00ට ආරම්භ වූ සිරි දළඳා වන්දනාව වෙනුවෙන් ප්‍රවේශ මාර්ග තුනේ තවමත් විශාල බැතිමතුන් පිරිසක් රැඳී සිටින බවයි ‘දසත නිවුස්’ වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර හෙට (27) දිනය සිරි දළඳා වන්දනාවේ අවසාන දිනය බව මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල දැනුම් දුන්නා.

එමෙන්ම මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යළිත් ජනතාගෙන් ඉල්ලා සිටියේ සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවරට පැමිණිමෙන් වැළකී සිටින ලෙසයි.

මේ වනවිටත් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් සිරි දළඳා වන්දනාව වෙනුවෙන් මහනුවර නගරයේ රැඳී සිටින බවයි වාර්තා වුණේ.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳපුදාගැනීමට මේ ආකාරයේ අවස්ථාවක් හිමිවුණේ වසර 16 කට පසුවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here