සිරි දළදා වන්දනාවේ 09 වන දිනය අදයි

0
9


සිරි දළදා වන්දනාවේ 09 වන දිනය අදයි. 

මෙරට ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාදු නාද මධ්‍යයේ දළදා සමිඳුන් සියැසින් දැක වැඳපුදා ගැනීමට දිවයිනේ නන් දෙසින් පැමිණි ජනතාව මේ තවදුරටත් පෝලිම්වල රැදි සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

ඒ පිළිබඳ තවත් තොරතුරු දැනගැනීමට අප දැන් සම්බන්ධ කර ගන්නවා මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර.

Neth Sound · COR KAMAL 01

දන්ත ධාතූන් වහන්සේ වන්දනා කළ සැදැහැවතුන් කිහිපදෙනෙකුද ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වුවේ මෙලෙසින්. 

Neth Sound · PEOPLE CUT 01

මේ අතර සිරි දළදා වන්දනාවට එක්ව සිටින සැදැහැවතුන් වෙනුවෙන් පෙර පරිදි අද මෙන්ම හෙට දිනයේද පොදු පහසුකම් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බවයි මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවේ.

Neth Sound · KANDY INDIKA 01

එමෙන්ම දළදා ප්‍රදර්ශන භූමියේ පිහිටා ඇති දන්සල් සහ ආහාර අලෙවිසැල් සියල්ල නීත්‍යනුකූලව ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා. 

ඒ අනුව එම ස්ථානයේ පවතින ආහාරවල ගුණාත්මකභාවය සහ සුරක්‍ෂිතතාව පිළිබඳ කිසිදු ගැටලුවක් ඇති නොකරගන්නා ලෙසයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සැදැහැවතුන්ට දැනුම්දුන්නේ.

Neth Sound · PHI UPUL 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here