සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශයට වයස් පදනම් සීමා හඳුන්වා දීමට ඉන්දියානු රජය සලකා බැලිය යුතු බව එරට ප්‍රධාන ආර්ථික උපදේශක වී. අනන්ත නාගේස්වරන් මහතා පවසයි.
ඔහු සඳහන් කර ඇත්තේ, සමාජ මාධ්‍ය යෙදුම් භාවිතයෙන් ඇතිවන “ඩිජිටල් ඇබ්බැහිභාවය” පාලනය කිරීම සඳහා වයස් පදනම් සීමා හඳුන්වා දිය යුතු බවය.
කුඩා වයසේ පරිශීලකයින් බලහත්කාරී භාවිතයට හා හානිකර අන්තර්ගතයට වැඩි අවදානමකට ලක්වන බැවින් වයස් සීමා පිළිබඳ ප්‍රතිපත්ති සලකා බැලිය යුතු බව ඔහු සඳහන් කර ඇති බව වාර්තා වෙයි.
එසේම වයස් සත්‍යාපනය සහ වයසට ගැළපෙන පෙරනිමි සැකසුම් ක්‍රියාත්මක කිරීමේ වගකීම සමාජ මාධ්‍ය වේදිකාවලට පැවරිය යුතු බවද ඔහු අවධාරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඕස්ට්‍රේලියාව පසුගිය වසරේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමෙන් අනතුරුව, ප්‍රංශය වයස 15ට අඩු දරුවන්ට එවැනි තහනමක් හඳුන්වා දීමට නීතිමය පියවර ගෙන ඇති අතර බ්‍රිතාන්‍යය, ඩෙන්මාර්කය සහ ග්‍රීසියද මේ පිළිබඳ අධ්‍යයනය කරමින් සිටී.
Saru News










