චීන – බ්‍රිතාන්‍ය නායකයන් හමුවේ

0
11

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ නිල සංචාරයක නිරතව සිටින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් මහතාව හමු විය.

ඒ අද (29) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී මෙම හමුව පැවැත්වුණි.

වසර අටකට පසු බ්‍රිතාන්‍ය අගමැතිවරයෙකු චීනයේ සිදු කරන ප්‍රථම සංචාරය මෙයයි.

වර්තමාන කැළඹිලි සහගත ලෝකය හමුවේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂ මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටවල් හා ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් ලෙස චීනය හා බ්‍රිතාන්‍යය, ලෝක සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමේදීත් දෙරටේ ආර්ථිකය හා ජීවනෝපාය ප්‍රවර්ධනය කිරීමේදීත් සංවාද හා සහයෝගීතාව තහවුරු කළ යුතු බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දී තිබේ.

සාමකාමී සංවර්ධන මාවතේ සැමවිටම නියැළී සිටින චීනය, සැලසුම් සහගත ලෙස කිසිදු විටෙක යුද්ධයක් දියත් නොකරන අතර, සෙසු රටක භූමිය කිසිසේත් ම අත්පත් කර ගෙන ද නොමැත. චීනය කොපමණ සංවර්ධනයක් අත් කර ගත්ත ද එය සෙසු රටවලට තර්ජනයක් නොවනු ඇත. මෙම වසර චීනයේ ’15 වන පස්අවුරුදු සැලසුම්’ කාලයේ ආරම්භක වසරයි බව ද ඔහු පවසා ඇත.

අධ්‍යාපනය, වෛද්‍ය සේවා, මූල්‍ය කටයුතු ඇතුළු ක්ෂ්‍රේයන්හි අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා එම සහයෝගීතා පුළුල් කළ යුතු අතර, කෘත්‍රිම බුද්ධිය, ජීව විද්‍යාව, නව බලශක්ති හා අඩු කාබන් තාක්ෂණයන්ට අදාළ අංශයන්හි ඒකාබද්ධ පර්යේෂණ හා කර්මාන්ත පරිවර්තනීය ලෙස ක්‍රියාවට නැංවිය යුතුය. බ්‍රිතාන්‍යය ජාතිකයින්ට වීසා රහිතව චීනයට ඇතුළු වීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට චීනය අවධානය යොමු කරමින් සිටින බව ද හෙතෙම කියාසිටියේය. 

එමෙන්ම, බහුපාර්ශ්වවාදය හා නිදහස් වෙළඳාම වෙත සහාය ලබා දෙන දෙරට, ප්‍රායෝගික බහුපාර්ශ්වවාදය අනුගමනය කළ යුතු බව පැවසූ චීන ජනාධිපතිවරයා, වඩාත් සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැංවීම තහවුරු කළ යුතු බව ද සඳහන් කර තිබේ.

ගතවූ වසර 8 තුළ, චීනයේ නිල සංචාරයක නිරත වන ප්‍රථම බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා තමා වීම පිළිබඳව සතුටු වන බව ස්ටාමර් මහතා එහිදී ප්‍රකාශ කර තිබේ. 

තමා ප්‍රමුඛ බ්‍රිතාන්‍යයේ ප්‍රධාන කාර්මික, ව්‍යාපාරික හා සංස්කෘතික ක්ෂ්‍රේයන් හි නියෝජිතයන් 60කට වැඩි පිරිසක් මෙම සංචාරයට එක් ව සිටින බව ද ඔහු පැවසුවේය. දෙරට අතර පවතින පුළුල් සහයෝගීතා හා චීනය සමග සහයෝගීතා පැවැත්වීමේ අධිෂ්ඨානය මෙමගින් පිළිබිඹු කෙරේ. චීන තායිවානයට අදාළ ගැටළුව පිළිබඳ බ්‍රිතාන්‍යය අනුගමනය කරන ප්‍රතිපත්තිය වෙනස් වී නොමැති අතර, ඉදිරියේදීත් වෙනස් නොවන බව ස්ටාමර් මහතා අවධාරණය කළේය. 

ජාත්‍යන්තර කටයුතුවලදී චීනය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එමෙන්ම දේශගුණික විපර්යාසය ඇතුළු ගෝලීය අභියෝගයන්ට මුහුණ දීමේ දී, චීනය සමග එක්ව සහයෝගීතා පුළුල් කරමින් ලෝක සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට තම රට සූදානම් බව ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here