පොලිස් නිලධාරියෙක් හමුදා නිලධාරියෙකුට තගදාන සිද්ධිය ගැන විමර්ශනයක්

0
8


පොලිස් නිලධාරියෙකු විසින් හමුදා නිලධාරියෙකුට බැන තර්ජනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ ජාල මාධ්‍යවල සංසරණය වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබල පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් නියෝග කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඒ, අනුව මෙම සිද්ධිය පිළිබඳව මහනුවර දිස්ත්‍රික් 1 භාර පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

විමර්ශනවල දී අනාවරණය වන කරුණු අනුව අදාළ පොලිස් නිලධාරියාට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here