පසුගිය පෙබරවාරි මාසයේ දී මිද්දෙනිය ප්‍රදේශයේ දී අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා’ නැමැත්තා සහ ඔහුගේ දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ යතුරුපැදිකරු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු ඉන්දියාවට පලා ගොස් සිටිය දී ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබුවා.
එලෙස පිටුවහල් කළ සැකකරු දිවයිනට පැමිණි අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Saru FM Media