මේ වසරේ ගත වූ කාලය තුළ පුද්ගලයින් 1,960 දෙනෙකු රිය අනතුරුවලින් මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, මේ වසරේ ජනවාරි මස පළමු වන දින සිට සැප්තැම්බර් මස 17 වන දින දක්වා කාලය තුළ දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් මෙම පිරිස මියගොස් ඇති බවය.
එම කාලය තුළ මාරක රිය අනතුරු 1,843ක් වාර්තා වී තිබේ.
ඊට අමතරව මේ වසරේ ගත වූ කාලය තුළ බරපතළ රිය අනතුරුව 3,708ක් වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
Saru FM Media