ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග අද ආරම්භවේ . ඒ අනුව අද (20) , ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය පැවැත්වීමට නියමිතව ඇත .
තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ .
සුපිරි 4 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3කට ක්‍රීඩාකරන්නේ ය .
ඒ අනුව , ශ්‍රී ලංකාව එළැඹෙන 23වනදා පාකිස්තානයට එරෙහිව අබුඩාබිහිදී ද , සැප්තැම්බර් 26වනදා ඉන්දියාවට එරෙහිව ඩුබායිහිදී ද ක්‍රීඩාකිරීමට නියමිතය.
සුපිරි 4 වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් ද්විත්වය අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනී .
Saru FM Media