ඊයේ (19 වැනි දා ) උදෑසන කාලයේ යක්කල , නුවර කොළඹ මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් කන්ටේනර් රථයක ගැටී සිදුවූ අනතුරින් යතුරු පැදිකරු මියගොස් තිබේ . යතුරුපැදිය කන්ටේනර් රථය පසුකර යෑමට උත්සහා දැරීමේදී යතුරු පැදිය එහි ගැටී එම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.
අනතුරට පත් තරුණයා , 25 වියැති යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර යක්කල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Saru FM Media