W 15 හෝටලයට වෙඩිතැබීම : ASP නෙවිල් සිල්වා ඇප මත නිදහස්

0
10


මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ භාරවූ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා ඇප මත මුදාහැර තිබේ.

ඒ අනුව, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහරින ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇති අතර ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇත.

වැලිගම W 15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබුණු නෙවිල් සිල්වා අද (24) පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබිණි.

මෙම සිද්ධියට අදාළව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තවත් සැකකරුවන් 7 දෙනෙකු ඇප මත නිදහස්ව සිටිති.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here