තම රට දිනවීමට ක්‍රිකට් පිටියේ හරඹ දක්වද්දී සවන් වැකුණු දුක්මුසු පුවතකින් පුතකුගේ හද කම්පාකරවාලූ සිදුවීම ක්‍රිකට් පිටිය කඳුළින් තෙත් කළ අනුවේදනීය සිදුවීමක් බවට පත් වූයේය.
අලුත් පරපුරේ බලාපොරොත්තු දල්වන ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ගේ ආදරණීය පියාණන්ගේ හදිසි අභාවය දුනිත් ක්‍රිකට් පිටියේ දස්කම් දක්වද්දී ඔහුගේ සවන් වැකෙද්දී වාවාගත නොහැකි ශෝකය දරාගෙනම පිටියෙන් නික්ම ගිය සෙසු සහෘදයන්ගේ සොව නොනවත්වා තමන් වෙත පළවෙද්දීය. පියාගේ අභාවය දැනගත් විගස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අබුඩාබි නුවර සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ මහතා සමග දිවයිනට පැමිණියහ. වෙල්ලාලගේ ගේ පියා මියයන විට 54 වැනි වියේ පසුවූ අතර, ඔහු දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම කඩුලු රකින්නකු ද වෙයි.
1993 වර්ෂයේ මොරටුව වේල්ස් කුමර විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූ සුරංග වෙල්ලාලගේ ඕල්ඩ් කේම්බි්‍රයන්ස් ක්‍රීඩා සමාජයටත් මොරටුව ක්‍රීඩා සමාජයටත් ක්‍රීඩා කළ අතර වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේදී නවලෝක කණ්ඩායම නියෝජනය කළේය.
ඇෆ්ගනිස්තානයේ ක්‍රීඩක මොහොමඩ් නබී වෙල්ලාලගේ ගේ පියාගේ අභාවය දැනගත් පසු තම X ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ “සහෝදරයා මේ අවස්ථාවේ ශක්තිමත්ව නැඟී සිටින ලෙසයි. ඔබගේ පියාණන්ගේ අභාවය ඔබට සහ ඔබගේ පවුලේ සියලු දෙනාට හෘදයාංගම කනගාටුව ප්‍රකාශ කර සිටිමි” යන්නයි.
ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ගේ පියා මියගොස් ඇත්තේ දිගුකාලීනව පැවති හෘද රෝග තත්ත්වය මත ඇති වූ හෘදයාබාධය හා අධික රුධිර පීඩනය හේතුව නිසාවෙන් සිදු වූ මරණයක් බව මරණ පරීක්ෂණයේදී තහවුරු කර ඇත.
දුනිත්ගේ මව විසින් ලබාදී ඇති කටඋත්තරය –
මොරටුව ජුබිලිය පහළ ෆාම් ෂොප් එක කරන්නේ මහත්තයා. අපට තව ව්‍යාපාර කිහිපයක් තිබුණා. එම ව්‍යාපාර කිහිපයම නැති වුණේ දුනිත්ට ඉගැන්වීමටය. එයට හේතුව මහත්තයා කරපු කැපකිරීම පාන්දර 5.00 ට නැගිට පුතාව පුහුණුවීම කරන්න ගිහිල්ලා දාලා නැවතත් ගෙදර එනවා. නැවත සවස 2.00 ට පුහුණුවීම් බලන්න ගිහිල්ලා පුතා එනකන් බලාගෙන ඉන්නවා. එයාට ඒ නිසා ව්‍යාපාර කරන්න වෙලාවක් තිබුණේ නෑ. නමුත් අද මගේ පුතා අද තාත්තාගේ හීනේ හැබෑ කරලා තියෙනවා. එයා ඒ ගැන හරි ආඩම්බරෙන් හිටියේ.
එය පවසන මොහොතේ දුනිත්ගේ සහ බාල සොයුරාගේ ඇස්වල කඳුළු පිරී තිබිණි.

දුනිත් වෙල්ලාලගේ වගේ චරිතයක් ඔහුගේ පියා වන සුරංග නිරෝෂන් වෙල්ලාලගේ ගේ කැපකිරීම නොමැතිනම් බිහි නොවන බව මට වැටහීමය. දුනිත් මාත් සමග කතා කළ අතර ඔහුගේ පියාගේ දේහය බැලීමට (පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව) යන්න පුළුවන්ද යන වග එම මොහොතේදී දුනිත්ගේ මව පැවසූ අතර, හිත ශක්තිමත් කර ගෙන ගිහින් බලලා එන්න යැයි ඇය දුනිත්ට කීය. එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරි කුඩාගම අවයව පෙන්වමින් දිගුකාලීනව පැවති හෘද රෝග තත්ත්වය මත ඇති වූ හෘදයාබාධය හා අධික රුධිර පීඩනය හේතුව නිසාවෙන් සිදු වූ මරණයක් බව මරණ පරීක්‍ෂකවරයා තහවුරු කරන ලදී.
දුනිත්ගේ පියාගේ අභිවය ගැන මාලිංග මෙසේ කියයි
2019 ලෝක කුසලානයේ ඉන්නකොට මගේ බිරිඳගේ මව අභාවප්‍රාප්ත වෙනව. ඒ වෙනකොට මට තව දිනකට පසුව තව තරගයක් තිබුණ. නමුත් මම ඒ වෙලාවෙ අවසර අරගෙන අවමඟුලට සහභාගි වෙල නැවත තරගයට ගියා. ඒ තරගය අපි ජයග්‍රහණය කළා. තරගය තිබුණෙ එංගලන්තයත් එක්ක. මම ඒ වෙලාවෙ දැක්ක කොහොමද තමන්ගෙ අම්ම හෝ තාත්ත මියගියාම දැනෙන දුක සහ ඒ අත්දැකීම මොකක්ද කියල. නමුත් අපි හැමෝම දන්නව තාත්ත කෙනෙක් මියගියා කියන්නෙ තමන්ට තිබුණු මුළු ලෝකයම නැතිවුණා හා සමානයි. කෙටියෙන් මගේ භාෂාවෙන් කිව්වොත් “තාත්ත කියන්නෙ මාර පොරක්” අපේ ජීවිතේ තාත්ත නැත්නම් අපි නෑ හා සමානයි. මම ගැන කිව්වොත් තාත්ත අපේ ගෙදර ඉඳල ගමේ ගෙදර ගියොත් මට තියෙන පාලුව කියල නිම කරන්න බෑ. අපි දන්නව මෙතනින් ඉස්සරහට දුනිත්ගෙ ගමනට උදව් කරන්න තාත්ත අයෙත් එන්නෙ නෑ. නමුත් කොතැනක හරි ඉඳගෙන දුනිත්ගෙ තාත්ත දෙන්න පුළුවන් උපරිම දේ දුනිත්ට දෙයි. මට මේ අවස්ථාවෙ කියන්න තියෙන්නෙ දුනිත්ගෙ ගමන තියෙන්නෙ ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළෙ. දුනිත්ට තාත්තට දෙන්න පුළුවන් හොඳම දේ තමයි තවත් හොඳට කැපවෙල තවත් තරග දිනවන, ක්‍රීඩකයෙක් බවට පත්වෙන්න, විශේෂයෙන්ම තාත්තගෙ ලොකු බලාපොරොත්තුවක් තියෙන්න ඇති ඊළඟ ලෝක කුසලානය ජයග්‍රහණය කරනකොට තමන්ගෙ පුතත් මේ කණ්ඩායමේ ඉඳියි කියල. දුනිත්ට ඒ දේ කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. විශේෂයෙන්ම කියන්න ඕන තාත්තගෙ අවසන් කටයුතුවලින් පසුව තමන්ට තියෙන මානසික ශක්තිය තවත් වැඩිකරගෙන, මනස තවත් ශක්තිමත් කරගෙන, ඉදිරි ක්‍රීඩා කටයුතු මෙයටත් වඩා හොඳින් කරගෙන යන්න. ප්‍රේක්‍ෂකයන්ගෙනුත් මම ඉල්ලා සිටින්නෙ පුළුවන් හැම වෙලාවෙම සහයෝගය දක්වන්න කියල. ඒක දුනිත්ට ලොකු ශක්තියක් වෙයි කියල මම විශ්වාස කරනව.
සුසිල් ජයකොඩි
සංස්කරණය – සුසිල් ජයකොඩි
Saru FM Media