සිරි දළදා වන්දනාවට අද මහනුවරට ලක්ෂ තුනක්

0
20


“සිරි දළදා වන්දනාව” වෙනුවෙන් සැදැහැවතුන්ගේ පැමිණීම වැඩිවීම මත ඉදිරි දෙදින තුළ වන්දනාමාන කටයුතු සිදු කිරීම සඳහා පැමිණීමෙන් වලකින්නැයි පොලීසිය ඉල්ලීමක් කරනවා. 

ඉකුත් 18 වනදා ආරම්භ වූ “සිරි දළදා වන්දනාව” අද පැවැත්වෙන්නේ හයවන දිනටයි. 

මේ වන විට ලක්ෂ තුනකට අධික පිරිසක් මහනුවර නගරයේ පෝළිම්වලට ඒකරාශී වී සිටින බවයි පොලීසිය පැවසුවේ. 

හෙට සහ අනිද්දා යන දෙදින තුළ “සිරි දළදා වන්දනාව” සිදු කර ගැනීම සඳහා ප්‍රමාණවත් බැතිමතුන් පිරිසක් පැමිණ සිටින බව පොලීසිය සඳහන් කළා. 

එබැවින් ඉදිරි දෙදින තුළ තවත් බැතිමතුන් පැමිණීමක් සිදු වුවහොත් අලුතින් පැමිණෙන බැතිමතුන් හට වන්දනා මාන කටයුතු සිදු කර ගැනීම සඳහා අවස්ථාව නොලැබී යා හැකි බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ. 
 

මහනුවර වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් තෙන් නිවුස් වාර්තාකරු කමල් සුරවීර ගෙනඑන වාර්තාවක් දැන්.

Neth Sound · COR KAMAL 01

සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන් සංඛ්‍යාව ඉහළයෑමත් සමග යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයින් ප්‍රමාණය ද ඉහළ නැංවීම සඳහා ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here