කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ජාත්‍යන්තර අධිවේගී තැපැල් සේවය ඔස්සේ ලැබී තිබූ කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොළඹ මධ්‍යම තැපැල් තක්සේරු අංශයේ සේවයේ නිරත රේගු නිලධාරීන් විසින්.
එලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
අමෙරිකාව, එංගලන්තය සහ ස්පාඤ්ඤය යන රටවල සිට ශ්‍රී ලංකාවේ මීගමුව, කඳාන, කතරගම, ගනේමුල්ල, මාලඹේ සහ කොළඹ ප්‍රදේශයේ ලිපිනයන් කිහිපයකට සැකකටයුතු පාර්සල් 14ක් එවා තිබෙනවා.
රේගු නිලධාරීන් විසින් එම පාර්සල් පරිලෝකන යන්ත්‍ර ඔස්සේ පරීක්ෂා කර ඇති අතර ඒ අතරින් පාර්සල් 12ක් තුළ එම මත්ද්‍රව්‍ය තොගය සගවා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එම මත්ද්‍රව්‍ය තොගය අතර කුෂ් කිලෝ ග්‍රෑම් 12යි ග්‍රෑම් 677ක් සහ හෂීෂ් කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 852ක් තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දීමට නියමිතයි.
Saru FM Media