“සිරි දළදා වන්දනාව” වෙනුවෙන් සහභාගී වී සිටින සැදැහැවතුන් අපහසුතාවයට පත් කරන ව්‍යාපාරිකයින් සම්බන්ධයෙන් විශේෂ පියවර රැසක් ගෙන ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එහි පාරිභෝගික කටයුතු හා තොරතුරු අංශයේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.
භාණ්ඩ මිලදී ගැනීමේදී කිසියම් අපහසුතාවයකට පත් වූයේ නම් වහාම ඒ පිළිබඳ දැනුවත් කරන ලෙසයි මෙහිදී දැනුම් දුන්නේ.
“සිරි දළදා වන්දනාව” වෙනුවෙන් සහභාගී වී සිටින සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ද උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සිය සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරන ලෙසයි සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටින්නේ.
Saru FM Media