ඝාතනයකට අදාළ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට!

0
11


රෂිකා හෙන්නායක

වෙලගෙදර, හැවන්පොල ප්‍රදේශයේදී පහරදී පිරිමි ළමයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අවශ්‍ය කර සිටි සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. 

අදාළ සැකකරුවන් 11 දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙළඳගෙදර, ඇරෑපොල කන්ද ප්‍රදේශයේදී වන අතර, මාවතගම පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 15ත් 18ත් අතර වයස්වල පසුවන ඇරෑපොල කන්ද හා අඹකෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

පසුගිය 16 වන දින පුද්ගලික ආරවුලක් මත පිරිමි ළමුන් කිහිපදෙනෙකු විසින් මියගිය පිරිමි ළමයාට අතින් පයින් හා හෙල්මට් එකකින් පහරදී තිබුණි .

බරපතල තුවාල ලැබූ ඔහු කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගියේය .

එලෙසය ජීවිතක්ෂයට පත් වුණේ සැකරලියා වත්ත, හැවන්පොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16ක පිරිමි ළමයෙක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම හා වෙලගෙදර පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here