මාතර බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කරයි!

0
11


කොළඹ LNW:මාතර බන්ධනාගාරයේ ඊයේ (22) හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති බව පොලීසිය පවසයි.

මාතර බන්ධනාගාරයේ සිටි රැඳවියන් තිදෙනෙකු වෙනත් වෙනත් බන්ධනාගාරයකට රැගෙන යාමට යාමේදී මෙම තත්ත්වය කලහකාරී උද්ගතව තිබුණි. අදාළ රැඳවියන් විරෝධය පළකරමින් වාට්ටුවකින් පිටතට පැමිණි රැඳවියන් 500ක පමණ පිරිසක් ඊට විරෝධය පළ කරමින් නොසන්සුකාරී ලෙස හැසිරීම නිසා මාතර බන්ධනාගාරය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබුණි.

පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩිතැබීමක් ද සිදුකර තිබුණු අතරාත්‍රිය වන විට තත්ත්වය උත්සන්න වීම නිසා ආරක්ෂාව තර කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායද කැදවීමට කටයුතු කර තිබේ.

කෙසේවෙතත් නොසන්සුන්තාවය පාලනය කර ගත නෙහැකි වීම හේතුවෙන් ඊයේ (22) රාත්‍රී කඳුළු ගැස් ප්‍රහාරයක් ද එල්ල කිරීමට සිදුව වූ බව පොලීසිය පවසයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here