ඩෑන් ඝාතනය කළ වෙඩික්කරු අල්ලයි

0
11

ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කළ සිදුවීමේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 42 හැවැරදි වැලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන හිටපු යුද හමුදා සෙබළෙකි.
කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල පිය තිස්සට සහ පොලිස් පරීක්ෂක රූක්ෂාන්වෙත ලද තොරතුරකින් කියවී ඇත්තේ නාඳුනන යුවළක් කෑගල්ල නගරයේ වසාදමා තිබෙන සමාජ ශාලාවක දිගු කලක් නවාතැන් ගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවයි.
ඒ අනුව එම ස්ථානය වැටළීමේදී සැකකරු සමග තවත් කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ දික්පිටිගොඩ ලහිරු සහ පලනි රිමෝශන්ගේ කීම මත ඩෑන් ඝාතනය කළ බවයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here