ප්‍රකට අලි ජාවාරම්කරුවෙකු වන සමරප්පුලිගේ රොෂාන් හෙවත් අලි රොෂාන් නැමැත්තාට කොළඹ විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (19දා) බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය. මීට අමතරව රුපියල් ලක්ෂ දෙසීයකට වැඩි දඩයක්ද නියම කරනු ලැබිණ.
ඔහුට එරෙහිව එල්ල වූ එක් චෝදනාවකට බරපතල වැඩ සහිතව වසර පහක සිරදඬුවමක් ද රුපියල් ලක්ෂ හතරක දඩයක්ද නියම කොට ඇත.
මෙහි දෙවන චෝදනාවට වසර පහළොවක සිර දඬුවමක්ද රුපියල් ලක්ෂ දෙසීයක දඩයක්ද නියම කොට ඇති අතර වසර පහක සිර දඬුවම සහ වසර 15 ක සිර දඬුවම එකවර එනම් වසර 15කින් ගෙවි යන ලෙසට ලබා දෙන ලෙසටද විනිසුරු මඩුල්ලද නියම කර තිබේ.
වසර පහක සිර දඬුවම නියම කළ චෝදනාවට පැනවූ රුපියල් ලක්ෂ දෙකක දඩය නොගෙවන්නේ නම් මස තුනක ලිහිල් සිර දඬුවමක්ද වසර පහළොවක සිරදඬුවමක් නියම කළ චෝදනාවට පැනවූ ලක්ෂ 204 ක දඩය නොගෙවන්නේ නම් බරපතළ වැඩ සහිත වසර 4 ක සිර දඬුවමක්ද නියම කොට ඇත.
නීති විරෝධී අයුරින් සන්තකයේ තබාගත් පොදු දේපළක් වන අලියා රාජසන්තක කිරීමට නියම කළ විනිසුරු මඩුල්ල අලියා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා භාරයට පත් කරන ලෙසටද නියම කරනු ලැබිණ.
මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ විනිසුරු මඩුල්ලේ සෙසු සමාජිකයින් ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා සහා මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය කටයුතු කළාය.
Saru FM Media