යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී ඉඩමක අයිතිය සම්බන්ධයෙන් ඇති වූ ගැටුමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා ගිනි අවියක් අතැතිව පැමිණ කාන්තාවකට තර්ජනය සිදුකර තිබේ.
අදාළ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයක නඩුවක් පවතින අතර අදාළ ඉඩම තමාට අයත් බව මන්ත්‍රී අර්ච්චුනා පවසන අතර කාන්තාවක්ද එම ඉඩමේ අයිතිය ඉල්ලා ඇත.
ඊයේ (25) දිනයේදී මන්ත්‍රී අදාළ ඉඩම පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටියදී එම ස්ථානයට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු ඉඩමෙන් කොටසක් තමන්ට අයත් බව පවසමින් මන්ත්‍රී සමග වාද කර තිබේ.
එහිදී මන්ත්‍රී අර්චුනා අදාළ කාන්තාව සමග වාද කර ඇති අතර එහිදී මන්ත්‍රී ගිනිඅවියක්ද අතැතිව සිටින අයුරු දැවෙන විඩියෝ පෙලක්ද නිකුත් වී ඇත.
2
Saru News
















