චීවරය අවභාවිත කරමින් සිදුකළ නීතිවිරෝධී ක්‍රියාව ත්‍රෛනිකායික මහානාහිමිවරු හෙළාදකී

0
3

බුද්ධ චීවරය අවභාවිත කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදමින් භික්ෂු ප්‍රතිරූපකයින් පිරිසක් විසින් සිදුකරන ලද ශාසන විරෝධී හා නීති විරෝධී ක්‍රියාව තරයේ හෙළා දකිමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

උතුම් බුද්ධ චීවරය අවභාවිත කරමින් භික්ෂු ශාසනයක් ශ්‍රී ලාංකේය ඓතිහාසික භික්ෂු භුමිකාවන් සමස්ත ලෝකය ඉදිරියේ අවමානයට පත් කරමින් භික්ෂු ප්‍රතිරූපකයින් පිරිසක් විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිදු කරන ලද ශාසන විරෝධී, සමාජ විරෝධී මෙන්ම නීති විරෝධී ක්‍රියාව ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා තරයේ හෙළා දකිමින් මෙම නිවේදනයක් නිකුත් කර ඇත.

ලාංකේය සමාජය තුළ භික්ෂුන් වහන්සේ නමක් වෙත උරුමව ඇති සාම්ප්‍රදායික ගෞරවය හා පිළිගැනීමත් උතුම් වූ බුද්ධ චීවරය පිළිබඳ බෞද්ධයන්ගේ ශුද්ධාධ්‍යාශයන් ද අවභාවිත කරමින් සිදුකරන ලද මෙම නිතී විරෝධි ක්‍රියාවට සම්බන්ධ සියලු භික්ෂු ප්‍රතිරූපකයින් නිසි දඬුවම් ලබා දීමට කටයුතු කළ යුතු බව මාහාවාහිමිවරු අවධාරණය කරයි.

බුද්ධ චීවරයක් ශාසනික අනන්‍යතාවත් අවභාවික කරමින් මෙවැනි නීති විරෝධී කටයුතු කරන භික්ෂු ප්‍රතිරූපකයින් පිළිබඳ ඉදිරියේ දී කරුණු විභාග කොට සසුනෙන් නෙරපීමට නිසි යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතා යළිත් ප්‍රකට වන මෙම අවස්ථාවේ දී ඒ සඳහා අවශ්‍ය කරන නෛතික ප්‍රතිපාදන සම්පාදනය කරලීමට රාජ්‍ය යාන්ත්‍රණය කඩිනමින් මැදිහත් වීම අත්‍යාවශ්‍ය බව ද උන්වන්සේලා පෙන්වා දෙති.

ඒ අනුව අදාළ නිකාය පාර්ශ්වයන් මගින් ඉදිරියේ දී මෙම ශාසන විරෝධී මෙන්ම නීති විරෝධී කටයුත්තට සම්බන්ධ සියලු භික්ෂු ප්‍රතිරූපකයින් සම්බන්ධයෙන් කරුණු සොයාබලා ශාසනයෙන් නෙරපීමට කටයුතු කරන බව ද එම ලිපියේ සඳහන් වේ.

තව ද උපක්‍රමශීලීව මෙන්ම සංවිධානාත්මකට තරුණ භික්ෂූන් වහන්සේලා මෙබඳු නීති විරෝධී කටයුතු සඳහා පොළඹවාගන්නා මත්ද්‍රව්‍ය ජාල හා මත්ද්‍රව්‍ය බෙදා හරින්නන් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන සිදුකොට නෛතික ක්‍රියා මාර්ග ගැනීමට ද ආරක්ෂක අංශ යුහුසුළුව කටයුතු කළ යුතු බව මෙහිලා බරපතළ ලෙස අවධාරණය කරයි.

එමෙන්ම සෑම තරුණ භික්ෂුවක් පිළිබඳව ම නිරන්තර අවධානයෙන් කටයුතු කරමින් ශාසන විරෝධී යම් කටයුත්තක නිරත වන බවට නිරීක්ෂණය වන්නේ නම් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා එවැනි තරුණ භික්ෂූන් ආයති සංවරයෙහි පිහිටුවීමට සෑම ආචාර්යන් වහන්සේ නමක් ම නිරන්තරයෙන් ව්‍යාවෘත විය යුතු බවට ද මාහානාහිමිවරු දනුම් දී ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here