නාවුල නාලන්දේ සිදු වූ බිහිසුණු බස් අනතුරින් 11ක් රෝහලට… කථානායකත් ගලවාගැනීමේ මෙහෙයුම්වල… – Saru News | සිංහල

0
5

දඹුල්ල – මාතලේ ප්‍රධාන මාර්ගයේ නාවුල නාලන්ද ප්‍රදේශයේදී අද (26) උදෑසන 9.20ට පමණ බස්රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරකින් තුවාල ලැබූවන් 11 දෙනෙකු නාලන්ද ප්‍රාදේශීය රෝහලට හා මාතලේ රෝහලට ඇතුළත් කර ඇත.

එක් තුවාලකරුවෙකුගේ තත්වය බරපතළ බවද වාර්තා වේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පෞද්ගලික බස් රථයක් හා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකි.

මේ අතර‍, පුද්ගලික බසයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ලංගම බසයේ රියදුරුද අත්අඩංගුවට ගැනීමට නියමිතය.

අනතුර සිදුවන අවස්ථාවේ කථානායක වෛද්‍ය ජගත් ගුණවර්ධනද මහනුවර මාර්ගයෙන් කොළඹ දක්වා ගමන් කරමින් සිට ඇති අතර හදිසියේ සිදුවූ මෙම බස් රථ අනතුර හේතුවෙන් ඔහු විසින් තුවාලකරුවන් ඉවතට ගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීමට සහාය වී ඇත.

අනතුර සම්බන්ධයෙන් නාවුල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරගෙන යනු ලබයි.


6

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here