මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ආයුධ සමඟ අත්අඩංගුවට

0
8


කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි. 

සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී තියුණු ආයුධ තුනක් සොයාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. 

සැකකරු විසින් අපරාධය සඳහා භාවිතා කළ බවට සැකකෙරෙන කඩුවක් ද බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් ආසන්නයේ සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා. 

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26ක් වන කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොටහේන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර කොටහේන පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here