පාප් වහන්සේගේ වියෝවෙන් ලොවම හඬා වැටෙයි

0
12


ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමත් සමඟ ලොව පුරා රටවල් රැසක මේ වන විට විවිධ සැමරුම් පැවැත්වෙමින් තිබෙනවා. 

ඒ අතරින් කාගේත් අවධානය යොමුව ඇත්තේ ලතින් අමෙරිකානු කලාපයේ රටවල ජනතාව සිය ශෝකය පළ කිරීම සඳහා එක්ව සිටින ආකාරයයි.               

ඒ, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලතින් අමෙරිකානු කලාපයෙන් බිහි වූ පළමු පාප් වහන්සේ වීම හේතුවෙන්. 

ලෝකයේ කතෝලිකයින්ගෙන් සියයට 40ක් ජීවත් වන්නේ ද ලතින් අමෙරිකානු කලාපයේයි.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමත් සමඟ ඕස්ටේ්‍රලියානු මැතිවරණ ව්‍යාපාරයේ කටයුතු ද තාවකාලිකචව නවතා තිබෙනවා. 

ඉතා කුඩා කතෝලික ජන ගහණයක් සිටින රටවල පවා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිහි කරමින් සැමරුම් පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here