විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 20ක් අත්අඩංගුවට

0
4

දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මගින් ඊයේ (24) දිනට අදාළ වාර්තාවට අනුව අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් දිවයින පුරා අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව, ඊයේ දිනට පුද්ගලයින් 29818ක් පරීක්ෂා කර තිබේ.

මේ අතර, අත්අඩංගුවට ගෙන ඇති දින වරෙන්තුකරුවන් ගණන 235ක් වන අතර විවෘත වරෙන්තුකරුවන් 206ක් බව වාර්තාවේ සඳහන් වෙයි.



 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here