අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ  ස්වර්ගස්ථ වීම ගැන ජනපති අනුරගේ සංවේගය!

0
7


රෂිකා හෙන්නායක

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ශෝකය පළ කර ඇත.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, සිය නිල X ගිණුමේ සටහනක් තබමිනි.

ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් උන්වහන්සේගේ අභාවය පිළිබඳව තමාගේ හෘදයාංගම ශෝකය පළ කරන බවත් සාමය, දයානුකම්පාව සහ මනුෂ්‍යත්වය සඳහා උන්වහන්සේගේ නොසැලෙන කැපවීම ලෝකය මත නොමැකෙන සලකුණක් තබා ඇති බව ද ජනාධිපතිවරයා පවසා ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තවදුරටත් සඳහන් කර ඇත්තේ, උන්වහන්සේගේ දයානුකම්පාව, යුක්තිය සහ අන්තර් ආගමික සහජීවනය පිළිබඳ උරුමය ඉදිරි පරම්පරාවන්ට ආදර්ශයක් ලබා දෙනු ඇති බවයි.

සිය නිල X ගිණුමේ තැබූ සටහන පහතින් ,



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here