ඇන්ඩි පයික්‍රොෆ්ට් පාකිස්තානයෙන් සමාව ඉල්ලයි

0
11

අයි.සී.සී. තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට්, පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු සහ නායකයාගෙන් සමාව ඉල්ලා ඇතැයි පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබේ. ඇන්ඩි පයික්‍රොෆ්ට් විසින් ඉන්දියාවේ සහ පාකිස්තානයේ නායකයන්ට තරගයට පෙර අතට අත දීමට ඉඩ දුන්නේ නැත.

ඇන්ඩි පයික්‍රොෆ්ට්ගේ ක්‍රියාව සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය දැඩි ලෙස ප්‍රතිචාර දක්වා තිබිණි.

ඉන්දු පාකිස්තාන තරගයේදී ඇතිවූ සිදුවීම වැරදි සන්නිවේදනයක ප්‍රතිඵලයක් ලෙස හැඳින්වූ ඇන්ඩි පයික්‍රොෆ්ට් ඒ සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය.

සැප්තැම්බර් 14 වන දින තරගය අතරතුර සිදු වූ ආචාර ධර්ම සංග්‍රහය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අයි.සී.සී ය කැමැත්ත පළ කර ඇතැයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේය.

ඉරිදා රාත්‍රියේ පැවති තරගයෙන් ඉන්දියාව හමුවේ පාකිස්තානය පරාජය වීමෙන් පසුව පාකිස්තානයේ දුර්වල ක්‍රීඩා විලාසය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණු පසුබිමක, තරගය අතරතුර ක්‍රීඩාශීලීත්වය අවමවීම ගැන ද රසිකයන්ගේ අවධානය යොමුව තිබිණි. පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායක රෂීඩ් ලතීෆ්, සිය එක්ස් ගිණුම හරහා සටහනක් තබමින් ඉන්දීය කණ්ඩායම ආමන්ත්‍රණය කරමින්, “ඔව්, ඔබ ලෝකයේ හොඳම කණ්ඩායම යි, නමුත් තරගය අවසානයේ අතට අත නොදීම හරහා ඔබේ සැබෑ ස්වරූපය පෙන්වනවා. පාකිස්තාන ක්‍රීඩකයන් බලා සිටියා, නමුත් ඉන්දීය ක්‍රීඩකයන් විවේකාගාරයට ගියා. අයි.සී.සී ඔබ කොහෙ ද?” යනුවෙන් සඳහන් කර තිබිණි. පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක ෂොයිබ් අක්තාර් ද ඉන්දීය කණ්ඩායම අතට අත නොදීමට ගත් තීරණය ‘ක්‍රීඩාවේ ජීවගුණයට‘ පටහැනි බව පවසා තිබිණි.

චතුර පමුණුව

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here