ව්‍යාපාරිකයන් අතර ආර්ථිකය පිළිබඳ විශ්වාසය මාස හයකට පසු ඉහළම තැනට එයි!

0
10


කොළඹ LNW:ව්‍යාපාරික කටයුතු ඉහළ යාම මධ්‍යයේ ආර්ථික සුබවාදී බව මාස හයක ඉහළම මට්ටමට ළගා වී ඇති බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්.එම්.ඩී සඟරාව සිය අප්‍රේල් කලාපය වාර්තා කරයි.

එල්.එම්.ඩී සඟරාව වාර්තා කරන ආකාරයට සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 73% ක්, ඉදිරි මාස 12 තුළ ආර්ථිකය වර්ධනය වනු ඇතැයි විශ්වාස කරති.

එය පසුගිය පෙබරවාරියේ පැවති තත්ත්වයට සාපේක්ෂව ඒකක 9 ක වැඩි වීමකි.

එමෙන්ම මතවිමසුමට සහභාගී වූ විධායකයින්ගෙන් 84% ක් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ විකුණුම් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව දැක්වෙයි.

එය ජනවාරි මාසයට සාපේක්ෂව 20 % ක වැඩි වීමකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here