ජපානයෙන් පිටුවහල් කළ 3ක් ගේන්න යැවූ ආරක්ෂකයින් 4ක් විස්කි ගෙනත් අහුවෙලා

0
11

ජපානයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් මෙරටට ගෙන ඒම සඳහා ජපානයේ නරීටා ගුවන් තොටුපොළට පිටත් කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරක්ෂක අංශ නිලධාරින් හතර දෙනෙක් නීති විරෝධී ලෙස විස්කි බෝතල් 54 ක් මෙරටට ගෙනැවිත් ඇතැයි හෙළිව ඇත.

ගුවන් මගීන්ට විස්කි ලීටර් දෙකහමාරක් ගෙන ඒමට නීත්‍යානුකූලව අයිතියක් ඇති මුත් රාජකාරි කටයුත්තකට ගිය ආරක්ෂක අංශ නිලධාරින්ට මෙලෙස විස්කි ගෙන ආ නොහැකි බව පැවසේ.

මෙම විස්කි බෝතල් රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූවත් සාදයකට මෙම විස්කි ගෙනා බවට ප්‍රකාශ කර එම බෝතල්වලින් ප්‍රමාණයක් නිදහස් කරගෙන ඇතැයිද වාර්තා වේ.

මෙම සිද්ධියට අදාළව විමර්ශනයක් කර නොමැති අතර ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන පෙළේ ආරක්ෂක අංශ නිලධාරියෙක් විසින් විමර්ශන යට ගසා ඇතැයිද පැවසේ.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක කළමනාකරුවකුගේ බලපෑම මත ආරක්ෂක අංශ නිලධාරින් විසින් මෙම නීති විරෝධී කටයුත්ත කර ඇතැයිද පැවසේ. 

මෙම සිද්ධියට අදාළ විමර්ශනයක් නොකිරීම හා අදාළ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඇතුළු පිරිසට විනය පියවර නොගැනීමට අදාළව ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවකයන් ජනාධිපතිවරයාටද ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here