සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලය අද සිට පැයකින් දීර්ඝ කෙරේ

0
14


මෙරට බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ සේ සැළකෙන මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩ වෙසෙන අති උතුම් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව හිමි කරදෙන සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් මේ වන විට පැවැත්වෙනවා. 

අද පෙරවරු 11.00 සිට දළදා වන්දනාව සඳහා සැදැහැවතුන්ට අවස්ථාව සලසා දීම විශේෂත්වයක්. 

මීට පෙර දිනවල සිරි දළදා වන්දනාව ආරම්භ වුණේ මධ්‍යහන 12.00 සිටයි. 

කෙසේවෙතත් දළදා සමිදුන් වැඳපුදා ගැනීමට අති විශාල සැදැහැවතුන් පිරිසක් පැමිණීම හේතුවෙන් අද පෙරවරු 11.00 සිට “සිරි දළදා වන්දනාව” ආරම්භ වූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

ඒ පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කර ගත්තා මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර.

Neth Sound · COR KAMAL 01

මේ අතර දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන්ට අවශ්‍ය වුවහොත් හදිසි ප්‍රතිකාර ලබාදීම සඳහා හදිසි ප්‍රතිකාර ඒකක 09ක් මහනුවර නගරයේ සහ අවට ප්‍රදේශවල ක්‍රියාත්මක බව මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය සේනක තලගල මහතා පැවසුවා. 

Neth Sound · DR SENAKA 01

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය සේනක තලගල මහතා.

Neth Sound · DR SENAKA 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here