ID ඔෆිස් එකේ නම භාවිත කරමින් සිදු වන මූල්‍ය වංචාවක තොරතුරු හෙළි වෙයි 

0
3

සිය 011 52 26 126  ක්ෂණික දුරකථන අංකය භාවිත කරමින් කිසියම් පාර්ශ්වයක් විසින් පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගන්න බවට හා මූල්‍යමය වංචා සිදුකරන බවට තොරතුරු වාර්තාවී ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. 

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ, +94 11 52 26 126, +011 52 26 126 යන දුරකථන අංක මඟින් හා 077 11 67 739, 074 27 56 098 යන ජංගම දුරකථන අංකය  මඟින් දෙපාර්තමේන්තු නාමය අවභාවිත කරන බවය. 

මෙම පිරිස විසින් රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින් ජංගම දුරකථන යෙදවුමක් නිර්මාණය කර ඩිජිටල් හැඳුනුම්පතක් හෝ ඊ ජාතික හැඳුනුම්පතක් සඳහා තොරතුරු ලියාපදිංචි කරන ගන්නා බව පවසමින්, දෙපාර්තමේන්තු නාමය අවභාවිත කරන බවට තොරතුරු ලැබී ඇත. 

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ,  එවැනි ලියාපදිංචියක් තමන් විසින් සිදු නොකරන බවය.

මෙලෙස  ජංගම දුරකථන මගින් ලැබෙන ඇමතුම් සඳහා තොරතුරු ලබා නොදෙන ලෙසට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

එමෙන්ම ක්ෂණික දුරකථන අංකය හා සමාන අංකයකින් ඇමතුම් ලබාගෙන https://drpgov-lk.com යනුවෙන් දෙපාර්තමේන්තු වෙබ් අඩවියක් හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිත කරමින් තොරතුරු ඉල්ලා සිටින්නේ නම් එම තොතරතුරු ලබාදීමෙන් වළකින ලෙසට ඉල්ලීමක් සිදු කරයි.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ඊ ජාතික හැඳුනුම්පතක් හෝ ඩිජිටල් හැඳුනුම්පතක් සඳහා මේ වන තෙක් කිසිදු ලියාපදිංචියක් සිදු නොකරන බව දන්වන අතර වංචනික පුද්ගලයින්ගේ ආරක්ෂා වන ලෙස මහජනතාව වෙත කාරුණිකව දන්වනු ලැබේ. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here