මහනුවර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සැලසුම් කළ පරිදිම මහනුවර නගරය හා අවට ප්‍රදේශයේ කසල කළමනාකරණ කටයුතු ඉතාම විධිමත්ව සිදුකෙරෙන බව මහනුවර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසනවා.
කම්පැක්ටරය සහිත කසල එකතු කිරීමේ රථය සෑම විනාඩි 45කට වරක් ප්‍රදේශය පුරා කසල එකතු කරමින් ධාවනය කෙරෙනවා.
ඊට අමතරව අත් කරත්ත මගින්ද ප්‍රධාන මධ්‍යස්ථාන වෙත කසල එක්රැස් කරන බව ඔවුන් පවසනවා.
නගරය හා ඒ අවට ප්‍රදේශ කලාපවලට බෙදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් එම ප්‍රදේශයට වගකියන ලෙස පත් කර තිබෙනවා.
එම වගකිවයුතු නිලධාරියා කසල කලමනාකරණයේ ගැටළුවක් දුටු වහාම අවශ්‍ය පියවර ගත යුතුයි.
එසේ දන්වා විනාඩි 05 – 10 අතර එම ප්‍රදේශය පිරිසිදු කිරීම සිදු කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන්නේ.
මීට අමතරව වීදි වෙලෙන්දන් සියලුදෙනා ලියාපදිංචි කර ඇති අතර ඔවුන්ට QR කේතයක් සහිත හැඳුනුම්පතක් නිකුත් කර තිබෙනවා.
කසල හෝ ආහාර පාන සම්බන්ධයෙන් මහජන ගැටළු යොමුකිරීමට ද QR කේතයක් හඳුන්වා දී එය ප්‍රදේශය පුරා සටහන් කර තිබෙනවා.
ඕනෑම අයෙකුට එම QR කේතය Scan කර ජායාරූප සහිතව හෝ රහිතව පැමිණිලි හා යෝජනා ඉදිරිපත් කල හැකියි.
එම මහජන පැමිණිලි සම්බන්ධයෙන් විනාඩි 10 ක් ඇතුලත පියවර ගන්නා බවද මහනුවර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසනවා.
වැඩි විස්තර : මහජන සෞඛ්‍ය පරීක්ෂක චන්දන මහතා, මහනුවර – 0710215037
Saru FM Media