“ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාවේ තෙවන දිනය අද (23) යි.
අද දිනයේ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරි පිටින් සාම පාද යාත්‍රාව ඉදිරි පිටින් ආරම්භ වීමට නියමිතව තිබේ.
ඒ අනුව පාද යාත්‍රාව මාවනැල්ල බෙලිගම්මන රජ මහා විහාරය දක්වා ගමන් කිරීමට නියමිතයි.
සාම පාද යාත්‍රාවේ දෙවන දිනය ඊයේ ඓතිහාසික මාතලේ අලුවිහාරයෙන් ආරම්භවී මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව දක්වා පැමිණෙනු ලැබීය.
දිවයිනට වැඩමකර සිටින වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් මෙම පාගමන පසුගිය 21 වන දින දඹුල්ල රජමහා විහාරස් ථානයෙන් ආරම්භ කෙරුණි.
භික්ෂූන් වහන්සේ 200 නමකට වැඩි පිරිසක් පසුගිය ඔක්තෝබර් මස අමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසුකරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ නිරත වුයේ මුළු මහත් ලෝකයේම අවධානය ඒ වෙත යොමු කර ගනිමින්ය.
එය ”ඒහිපස්සිකෝ ”සාමයේ පාගමන නමින් අප්‍රේල් 28 වැනිදා දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙරටදී පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරුණි.
ඒ අනුව වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ පසුගිය 21 වනදා දිවයිනට ළඟා වුණි.
මෙම සාම පා ගමන සඳහා “ආලෝකා” නැමැති සුනඛයාද භික්ෂූන් වහන්සේ සමග එක්ව සිටී.
Saru News















