
කොළඹ නගරයේ සත්ත්ව ඝාතකාගාරවලින් එකතු කරන ලද සතුන්ගේ අතුණුබහන්, අපද්‍රව්‍ය සහ සත්ත්ව මලපහ ලොරි රථවල පටවාගෙන ජාඇළ දඬුගම් ඔයට මුදාහරිමින් සිටි පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඔුවනට අපූරු දඩුවමක් ලබාදී ඇති බව වාර්තා වෙයි.
පොලිස් නිලධාරීන් විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇති අතර, ඔවුන් ලොරි රථ දෙකක කිලෝග්‍රෑම් 8,200ක පමණ අපද්‍රව්‍ය ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිට ඇත. මෙම අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයේ බැරල් 42ක බහා තිබී ඇති බව පොලිසිය පවසයි.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම කටයුත්ත දීර්ඝ කාලයක සිට සිදු වී ඇති බවයි. එමෙන්ම දඬුගම් ඔයට පමණක් නොව මුතුරාජවෙල රක්ෂිතයට සහ කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ පිවිසුම් මාර්ග දෙපස ඉඩම්වලට ද මෙම අපද්‍රව්‍ය නිරන්තරයෙන් බැහැර කර ඇති බව ද තහවුරු වී තිබේ.
පරීක්ෂණ අවසානයේ අත්අඩංගුවට ගත් අපද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයාටම අයත් ඉඩමක
ඒවා වළ දැමීමට උසාවි නියමයෙන් පියවර ගෙන ඇති අතර, පොදු ස්ථානවල අපද්‍රව්‍ය දැමීමට පාඩමක් ලෙස එය සිදුකර ඇත.
මංමාවත් පනත, මහජන පීඩාකාරී පනත සහ පොලිස් ආඥා පනත යටතේ ඔවුනට පැනවූ නඩුවක් අනුව මෙම දඩුවම ලබපාදී ඇත.
මෙවැනි අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා පරිසරයට සහ ජල මූලාශ්‍රවලට සිදුවන හානිය අතිමහත් බව පරිසරවේදීන් පෙන්වා දෙන අතර, මෙම ක්‍රියාව නතර කිරීම සඳහා දැඩි පියවර ගත යුතු බවද අවධාරණය කරයි.
Saru FM Media