ආවෙ පොහොසත් රටක් හදනවා කියලා! ඒත් බොරුවෙන්-පචයෙන් විතරක් පොහොසත් වුණු රටක් හදලා ආණ්ඩුව අද ජනතාව අනාථ කරලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

0
11


අප රටේ අද ඇත්තේ බොරුව රජ කරන යුගයක්, රැවටිල්ල ඇන්දවීම, ජනතාව මංමුලා කිරීම, බොරුව හා පචය තුළින් සමස්ත රටේ ජනයා අනාථ වූ යුගයක් ඇති බවත් කියපු දේවල් කිසිවක් මේ රජය ඉටු කර නොමැති බවත් පොහොසත් රටක් බිහි කරනවා කියා ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවා කියා රටත් ජනතාවට සහමුලින්ම අනාථ කළ යුගයක් නිර්මාණය කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මිනිනේරිය, හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

අප රට තුළ අඩු මිලකට බලශක්තිය නිෂ්පාදනය කළ හැක්කේ පුනර්ජනනීය බලශක්තිය හරහා බවත් මාලිමා රජය වේදිකාවේ පවා මේ පුනර්ජනනීය බලශක්තියට මුල්තැන දෙන බවට පොරොන්දු වුවත් අද රජයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ මේ පුනර්ජනනීය බලශක්තිය විනාශ කිරීම බවත් මොවුන් ඉන්ධන, තාප හා ගල්අගුරු බලාගාර මාෆියාවට යට වී ඇති බවත් මොවුන් මේ බලාගාර හිමියන්ගේ වහලුන් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටටම පචයයි බොරුවයි කියමින් පුනර්ජනනීය බලශක්තිය විනාශ මුඛය කරා ගෙනවිත්

මෙරට බලශක්තිය ක්ෂේත්‍රය මේ ඉන්ධන, තාප හා ගල්අගුරු බලාගාර මාෆියාවල ග්‍රහණයට ලක්වීම නිසා විදුලි මිල වැඩිවිය හැකි බවත් ලෝකයේ බහුතර රටවල් පුනර්ජනනීය බලශක්තියට මාරුවන අවස්ථාවක අප රටේ රජය රටටම පචයයි බොරුවයි කියමින් පුනර්ජනනීය බලශක්තිය විනාශ මුඛය කරා ගෙනවිත් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කෝ පොහොර සහනාධාරය

ගොවිතැන් කටයුතු ආරම්භ කළත් පොහොර සහනාධාරය තවමත් නොමැති බවත් ඉදිරියේ දී පොහොර මිල පවා ඉහළ යා හැකි බවත් අලි මිනිස් ගැටුම ගංවතුර නිසා සිදුවූ වගා හානිවලට දේපල හානිවලට ජීවිත හානිවලට පවා වන්දි ගෙවා නැති බවත් මේ වන විට ජනතාව රැවටී අනාථ වී අවසන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පච දේශපාලනයට නැවතීමේ ලකුණ තබමු

හාල්, පොල්, කිරිපිටි, ඖෂධවල මිල පවා වැඩි වී ඇති බවත් රටේ ජනතාවට ලුණු ටිකවත් දී ගන්න බැරි පච ආණ්ඩුවක් ඇති බවත් මේ බොරුවට මංමුලාවට රැවටිල්ලට මේ පච දේශපාලනයට නැවතීමේ ලකුණ තැබිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.

මේ රජය බොරු කියා ජනතාව අන්දවන්න බැරි වෙන කොට පළාත් පාලන මැතිවරණයෙන් මාලිමා පාලනයක් බිහි නොවන්නේ නම් ඒ සභාවලට අවශ්‍ය ප්‍රතිපාදන දෙන්නේ නැති බවට ජනාධිපතිවරයා පවසන බවත් මෙයට ජනතාව නොරැවටෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් 20%කින් පවා විදුලි බිල අඩු කළේ ජනතාගෙ නැගී සිටිම නිසා බවත් විදුලි බිල අඩුවුණේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා නොව ජනතාව⁣ගේ ප්‍රශ්න කිරිම නිසා බවත් ඉතිරි 13% අඩු කරණ දිනය දැන ගැනිමට අවශ්‍ය බවත් තෙල් මිල සම්බන්ධයෙන් රජය අනුගමනය කරන්නේ මෙවැනි ප්‍රතිපත්ති නිසා තවදුරටත් මේ ටොම්පච දේශපාලනය නොරැවටෙන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here