බිරිඳ හා දරුවා එලවා මුළුතැන්ගෙයි පෙරූ කසිප්පු සමග අයියා මලෝ අත්අඩංගුවට

0
13


සිය බිරිඳට හා දරුවාට පහර දී එලවා දමා, එම නිවසේ මුළුතැන්ගෙයි කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙකු හා ඔහුට සහාය වූවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ඊයේ (19) රාත්‍රියේ දී මෙම සැකකරුවන් අයගම – දුල්ගල නිවසක දී අත් අඩංගුවට ගැනුණේ කසිප්පු පෙරමින් සිටි අවස්ථාවේදී බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් එකම පවුලේ අයියා සහ මල්ලී බවත් බිරිඳ මෙම කසිප්පු පෙරීමට විරුද්ධ වීම හේතුවෙන් ඇයට හා පෙර පාසල් දරුවාට පහර දී පලව ඇති බවත් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් සමග ගෝඩා මත්පැන් මිලිලීටර් 15000ක්, කසිප්පු මිලිලීටර් 3750ක් සහ පෙරීමේ උපකරණ ද පොලිස් භාරයට ගැනුණා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here