හෝමූස් හරහා ගමන්කළ නැව් දෙකක් ඉරාන හමුදා භාරයට

0
3

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් හෝමුස් සමුද්‍ර සන්ධියේදී නෞකා දෙකක් සිය භාරයට ගෙන ඇති බව එරට රජයේ පුවත් සේවා ප්‍රකාශ කර තිබේ. 

ඉරානයේ තස්නිම් (Tasnim) පුවත් සේවයට අනුව, මෙම නෞකා දෙක ජාත්‍යන්තර නීති රීතිවලට අනුකූල නොවන අයුරින් ක්‍රියා කර ඇති අතර, මෙලෙස හමුදා භාරයට ගෙන ඇත්තේ ‘MSC Francesca’ සහ ‘Epaminondas’යන නෞකා බව සඳහන් වෙයි.

මීට පෙර එම මුහුදු තීරයේදීම වෙඩි තැබීමට ලක්වූයේ ද මෙම නෞකා දෙකම බව එම වාර්තා වැඩිදුරටත් පවසයි.

අදාළ නෞකා මේ වන විට ඉරාන වෙරළ තීරය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ. 

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here