විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

0
11

ජනවාරි 30 දා පල්ලෙකැලේදී ආරම්භ වීමට නියමිත එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස තරගයටත්,පෙබරවාරි 01 වන දා සහ 03 වන දා පැවත්වෙන තරග දෙකටත් අදාළව ක්‍රීඩා කරන කණ්ඩායම තෝරා ගැනීම සඳහා 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට එක්දින සංචිතයේ නොසිටි සිව් දෙනෙකු කැඳවා තිබෙනවා. දුශ්මන්ත චමීර,මතීශ පතිරණ, කුසල් ජනිත් පෙරේරා සහ නායක දසුන් ශානක එම සිව් දෙනායි.
එක්දින සංචිතයේ සිටි කමිඳු මෙණ්ඩිස්,මිලාන් රත්නායක,ජෙෆ්රි වැන්ඩර්සේ,සදීර සමරවික්‍රම සහ අසිත ප්‍රනාන්දු විස්සයි විස්ස සංචිතයට ඇතුළත්ව නැහැ.
පහතින් දැක්වෙන්නේ තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here