අලුත් අවුරුදු කාලසීමාවේ අධිවේගී මාර්ගවල ආදායම රු. මිලියන 536 පනී

0
4

අලුත් අවුරුදු සමයේ 10 වෙනිදා සිට 20 වෙනිදා දක්වා අධිවේගී මාර්ග භාවිතා කළ රථ වාහනවලින් රුපියල් මිලියන 536කට වැඩි  මුදලක් උපයා ගැනීමට හැකි වූ බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

එම කාලය තුළ රථ වාහන 1,431,319ක් අධිවේගී මාර්ගය භාවිතා කිරීමෙන් මෙම ආදායම ලබා ගැනීමට හැකි වී ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය, කොළඹ – කටුනායක මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගයන්වලින් ධාවනය වූ වාහනවලින් එම ආදායම උපයා තිබේ.

අප්‍රේල් 10 වෙනිදා,

අධිවේගී මාර්ගය භාවිත කළ රථ වාහන ගණන 161,847ක් – ආදායම රුපියල් මිලියන 59.8 වැඩි අගයක්.

*අප්‍රේල් 11 වෙනිදා,

අධිවේගී මාර්ගය භාවිත කළ රථ වාහන ගණන 153,807ක් – ආදායම රුපියල් මිලියන 58.2 වැඩි අගයක්.

*අප්‍රේල් 12 වෙනිදා,

අධිවේගී මාර්ගය භාවිත කළ රථ වාහන ගණන 118,684ක් – ආදායම රුපියල් මිලියන 45.2 වැඩි අගයක්.

*අප්‍රේල් 13 වෙනිදා,

අධිවේගී මාර්ගය භාවිත කළ රථ වාහන ගණන 84,211ක් – ආදායම රුපියල් මිලියන 31.6 වැඩි අගයක්.

*අප්‍රේල් 14 වෙනිදා,

අධිවේගී මාර්ගය භාවිත කළ රථ වාහන ගණන 91,776ක් – ආදායම රුපියල් මිලියන 34.3 වැඩි අගයක්.

*අප්‍රේල් 15 වෙනිදා,

අධිවේගී මාර්ගය භාවිත කළ රථ වාහන ගණන 139,480ක් – ආදායම රුපියල් මිලියන 52.5 වැඩි අගයක්.

අප්‍රේල් 16 වෙනිදා,

අධිවේගී මාර්ගය භාවිත කළ රථ වාහන ගණන 140,268ක් – ආදායම රුපියල් මිලියන 53 වැඩි අගයක්.

*අප්‍රේල් 17 වෙනිදා,

අධිවේගී මාර්ගය භාවිත කළ රථ වාහන ගණන 138,944 ක් – ආදායම රුපියල් මිලියන  53  වැඩි අගයක්.

*අප්‍රේල් 18 වෙනිදා,

අධිවේගී මාර්ගය භාවිත කළ රථ වාහන ගණන 141,813 ක් – ආදායම රුපියල් මිලියන   53 කට අගයක්.

*අප්‍රේල් 19 වෙනිදා, 

අධිවේගී මාර්ගය භාවිත කළ රථ වාහන ගණන 130,182 ක් – ආදායම රුපියල් මිලියන  48.5කට  වැඩි අගයක්.

*අප්‍රේල් 20 වෙනිදා, 

අධිවේගී මාර්ගය භාවිත කළ රථ වාහන ගණන 130,307 ක් – ආදායම රුපියල් මිලියන  46.8කට  වැඩි අගයක්.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here