බාල ගල්අඟුරු සිද්ධියේදී ඩො.මි 2.1ක දඩයක් අයකර ගනී

0
12

නියමිත ප්‍රමිතියට නොතිබූ ගල් අඟුරු සඳහා අදාළ සමාගමෙන් ඩොලර් මිලියන 2.1ක පමණ දඩ මුදලක් අය කරගත් බව ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍ය අධිකාරි නාමල් හේවගේ මහතා පවසයි.

මතභේදාත්මක ගල් අඟුරු ආනයන සිද්ධිය පිළිබඳ කරුණු  දැනුම්වත් කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී ඔහු පැවසුවේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ විශේඥයෝ ඉදිරියේ අදාළ ගල් අඟුරු සාම්පල ලබා ගත් අතර එම සාම්පල ඉන්දීයාවවට යවා අදාළ පරීක්ෂණ කටයුතු සිදු කළ බවත්ය.

කෙසේ වෙතත් දෙවැනියට ගෙන ආ ගල් අඟුරු නෞකාවේ සාම්පල වාර්තා වල කිසිදු ගැටලුවක් නොමැති බවද ඒ මහා පවසයි.

තෙවැනි නැව සහ සිව්වැනි නෞකා ද මේ වනවිට ගොඩ බාමින් සිටින බව ඒ මහතා වැඩිදුරත් සඳහන් කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here