ඉදිරි පැය 24 සඳහා දිවයින වටා මුහුදු ප්‍රදේශයේ කාලගුණය

0
14

ඉදිරි පැය 24 සඳහා දිවයින වටාවන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවය.

එමෙන්ම සුළං ඊසාන දිශාවෙන් හමා එන බවත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන බව සඳහන් වේ.

කළුතර සිට කොළඹ සහ පුත්තලම හරහා මන්නාරම දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු  ප්‍රදේශවල  සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-50) දක්වා වැඩි විය හැක. 

මුහුදේ ස්වභාවය කළුතර සිට කොළඹ සහ පුත්තලම හරහා මන්නාරම දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළුවන බව වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් විය.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here