දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් රාජකාරීවල සිටින පොලිස් නිලධාරීන්ට විශේෂ දීමනාවක්

0
17


“සිරි දළදා වන්දනාව” විශේෂ දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් රාජකාරීවල යෙදී සිටින පොලිස් නිලධාරීන්ට විශේෂ ගමන් වියදම් සහ සංයුක්ත දීමනාවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.

අද (18) දිනයේ සිට එළැඹෙන 27 වැනි දින දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පැවැත්වීමට නියමිත විශේෂ දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

ඒ අනුව මේ සඳහා සහභාගී වන සියලුම පොලිස් නිලධාරීන්ට විශේෂ ගමන් වියදම් හා සංයුක්ත දීමනාවක් ලබා දීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලීසිය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අනුව විශේෂ රාජකාරී යෙදී සිටින නිලධාරීන්ට තම සේවා ස්ථානයෙන් බැහැරව දින 10කට අධික කාලයක් දිවා සහ රාත්‍රි කටයුතු සිදු කිරීම හේතුවෙන් එම නිලධාරීන්ට දැරීමට සිදුවන අමතර වියදම් සලකා බලා මෙම විශේෂ දීමනාව ලබා දීමට පොලිස් මූලස්ථානය තීරණය කළා.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here