ඔන්ලයින් පනත අවලංගු කිරීම සඳහා වන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

0
16


2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

මෙම නව පනත් කෙටුම්පත සම්මත වීමෙන් අනතුරුව 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්පූර්ණයෙන්ම අවලංගු වනු ඇති.

එම පනත යටතේ සකස් කර ඇති සියලුම රෙගුලාසි ද අහෝසි වනු ඇති බවත් ගැසට් නිවේදනයේ සඳහන්.

වත්මන් පනත වන 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය වසරේ ජනවාරි 24 වන දින පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත කෙරුණා.

එම පනත අවලංගු කිරීමට යෝජිත අතර, ඒ සඳහා නව පනත් කෙටුම්පතක් රජය විසින් ගැසට් කර තිබෙනවා.

සම්පූර්ණ ගැසට් නිවේදනය මෙතැනින් කියවන්න..



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here