අවිහිංසාවාදී පණිවිඩය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පා ගමන රාජ්‍ය අනුග්‍රහය යටතේ හෙට (21) ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම සාම පා ගමන පංඥාකාර ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් යුත්, භික්ෂු පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙන අතර අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධිවෘක්ෂයේ රෝපිත අංකුරයක් රැගෙන සිදු කිරීමට නියමිතය.
ජනාධිපති ලේකම් කාර්යාලය, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ශ්‍රී දළදා මාලිගාව, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ජාතික නිර්මාණ මධ්‍යස්ථානය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් මෙම ආධ්‍යාත්මික වැදගත්කමක් ඇති වැඩසටහනට සහය ලබා දෙයි.
මෙම සාම පා ගමන අතරතුර ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය, සාම්ප්‍රදායික කලා හා කර්මාන්ත ප්‍රචාරය වීම අපේක්ෂාවයි.
හෙට (21) දිනයේ ප.ව. 3.00ට අනුරාධපුරය ජය ශ්‍රී මහ බෝධින්වහන්සේගේ රෝපිත අංකුරය සාම පා ගමන සිදු කරන භික්ෂූන් වහන්සේලා වෙත භාරදීම සිදු කෙරෙන අතර ප.ව. 4.00ට රුවන්වැලි සෑය අසල ආගමික වැඩසටහන පැවැත්වෙනු ඇත.
පූජ්‍ය පඤ්ඤාකර හිමියන් සමඟ ලොව පුරා සාමයේ පණිවිඩය ගෙනයන ආදරණීය වීදි සුනඛයා වන ‘ආලෝකා’ ද මෙම සාමයේ පා ගමන සමඟ එක්වනු ඇත.
ආලෝකා, ලොව පුරා වඩාත් ප්‍රසිද්ධියට සහ ජනාදරයට පත්වනුයේ පසුගිය වසරේ ආරම්භවූ ‘වෝක් ෆෝ පීස්’ ඇමෙරිකානු සාම පාගමනත් සමඟනි.
පූජ්‍යපාද පඤ්ඤාකර හිමියන් ඇතුළු බෞද්ධ හික්ෂූන් වහන්සේ පිරිසක් පසුගිය වසරේ ඔක්තෝබර් මස 28 වැනිදා සිට ඉකුත් පෙබරවාරි 10 වැනිදා දක්වා පුරා දින 108 ක් ඇමෙරිකාව පුරා කිලෝමීටර් 3,700 ක දුරක් ඇවිද ගිය අතර ගිය අතර ආලෝකාද මේ පාද වාරිකාවට එක්විය.
මේ වනවිට ‘ආලෝකා’ ටර්කිෂ් ගුවන්සේවය සමඟ Dallas ගුවන්තොටුපළින් කොළඹ බලා පිටත්ව ඇති අතර ඔවුන් හෙට (21) උදෑසන ශ්‍රී ලංකාවට ගොඩබසිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Saru News
















