Saturday, May 3, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් බණ්ඩාරගම රෝහලේ කාර්ය මණ්ඩලයට පහරදී මළ සිරුරක් පැහැරගෙන ගිහින්

බණ්ඩාරගම රෝහලේ කාර්ය මණ්ඩලයට පහරදී මළ සිරුරක් පැහැරගෙන ගිහින්

0
13


a-body-has-been-taken-from-the-hospital-in-bandaragama

රිය අනතුරකින් මිය ගිය පුද්ගලයෙකුගේ ඥාතීන් හා හිතවතුන් බණ්ඩාරගම දිසා රෝහලේ වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට පහරදී, පරුෂ වචනයෙන් බැණ තර්ජනය කර, මළ සිරුර පැහැරගෙන ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය වාර්තා කරයි.

පෙරේදා (16) රාත්‍රියේ බණ්ඩාරගම-කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබූ අතර, ඒ අතරින් එක් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහලට රැගෙන එන විටම මිය ගොස් තිබිණි. මිය ගිය තැනැත්තා මැදගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.
එම පුද්ගලයාගේ ඥාතීන් සහ හිතවතුන් පහළොස් දෙනෙකුට අධික පිරිසක් එකවරම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත කඩා වැදී ඇත. මෙම පිරිස වෛද්‍යවරුන්ට පරුෂ වචන කියමින් තර්ජනය කර, කාර්ය මණ්ඩලයට පහරදී,
අවසානයේ ටොලිය මත තිබූ මළ සිරුර බලහත්කාරයෙන් රැගෙන ලොරියක පටවාගෙන පිටව ගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
බණ්ඩාරගම පොලිසිය සඳහන් කරන ආකාරයට, පැමිණි පිරිස රෝහලට ඇතුළු වන අවස්ථාවේදී ඇතුළු වීමේ දොරටුවල ආරක්ෂක හිස් වැසුම්වලින් පහර දීම නිසා එම දොරටුවල වීදුරුවලට සැලකිය යුතු හානි සිදු වී ඇත. තවද, පැමිණි පිරිසෙන් බහුතරයක් මත්පැන් පානය කර බීමත් තත්ත්වයේ පසු වූ බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇති පරිදි, එම පුද්ගලයන් මළ සිරුර ලොරියක පටවාගෙන පානදුර මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇත. පානදුර රෝහලේදීද ඔවුන් ආවේගශීලීව හැසිරී ඇති අතර, පොලිසිය විසින් එම ස්ථානයට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවීමට සිදු වී ඇත.

අනතුරුව, පොලිස් විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යමින් බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා පානදුර රෝහල වෙත ගොස් මිය ගිය පුද්ගලයාගේ එක් පුත්‍රයෙකු සහ රෝහල් කාර්ය මණ්ඩලයට පහර දුන් ඥාති දියණියක අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධියත් සමඟම පෙරේදා රාත්‍රියේ බණ්ඩාරගම පොලිසිය වෙත අවට පොලිස් ස්ථානවලින් අතිරේක නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ඇති අතර, ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇත.
බණ්ඩාරගම දිසා රෝහලේ ස්ථාපිත සීසීටීවී කැමරා දර්ශන මගින් හඳුනාගත් ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතී. මෙම විමර්ශන බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මහතාගේ උපදෙස් මත සිදු කෙරෙන බව වාර්තා වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here